විරැකියාවෙන් පෙලෙන ඹබට ජිවිතය ජය ගැනීමට කෘෂි ව්‍යවසායකත්වය
මෙවන
විට අප රට තුල බෝහෝ පිරිසක් රජ්‍ය සේවයේ පිහිට පතමින් මැසිවිලි නගමින් සිටින අතර හොඳ ජවයකින් යුතු උපාධිධාරීන්, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සමත් අසමත් බෝහෝමයක්
අරමුණක් නැතුව කාලය මඟහරිමින් සිටිනවා. ලෝකයේ බොහෝ ධනවතුන් අරමුණක් ඇතිව වැඩකරමින්
තමන්ට අවශ්‍ය දෙවල් ලඟා කරමින් සිටින අතර අපි අරමුණක් නැතුව අයාලේ යමින් සිටිනවා.
ඔබේ ජිවිතය තුල ලඟා කරගත නොහැකි කියා දෙයක් නොමැත එකට අවශ්‍ය පැහැදැලි අරමුණක් සහ
උත්සහය සහ අධිෂ්ඨානය පමණි. ඔබ ඔබේ ජිවිතය තුළ මොහොතකටවත් සිතුවද පොඩි ව්‍යාපාරයක්
ගැන. අද මම කියන්න හදන්නේ මේ පොඩි ව්‍යාපාරයන් ගැනයි මේ සඳහා ඔබට විවිධ කේෂ්ත්‍ර
තොරා ගන්න පුළුවන් ඒ අතරින් අඩු පිරිවැයකින් අපිට උරුම වු කාෂිකර්මාන්තය තොර ගන්න පුලුවන්. ගොඩක්
දෙනෙක් කෘෂිකර්මාන්තය කියපු ගමන් හිතන්නේ කුඹුරු කොටන එක ගැනයි හරක් දක්කන එකයි එක
වැරදි මතයක් මේ වන විට ගෝලීය කෘෂිකර්මාන්තය අපිට හිතන්නවත් බැරි විදිහට වෙනස් වෙලා
තියෙන්නේ. ඔබ මේ ලිපිය කියවන විටත් කෘෂිකර්මාන්තයට අළුත් දෙවල් එකතු වෙමින් පවති. මේකට ප්‍රධානතම හේතුව
අනාගතයේදී අහාර සහ ජලය තමයි ප්‍රධනතම ව්‍යාපාර වෙන්නේ ඒ කියන්නේ ලොකයේ මිනිස්
සංහතියේ පැවැත්ම රාදා පවතින්නේ මේ දෙක මතයි. ඒ හින්දා අපි ඉස්සර උනොත් ජාතියක්
විදියට අපිට ඉස්සරයට යන්න පුළුවන්...එහෙනම් මම පොඩියට කෘෂි ව්‍යාපරක් පටන් ගන්න
අදහස් කිහිපයක් දෙන්නම්...හොඳ එකකින් ගොඩ යන්න පුළුවන් දිගටම කරගෙන යන්න උපදෙස් ඔනි අය මාව සම්බන්ධ කරගන්න.
1.
ගැඩවිල් පොහොර නිෂ්පාදනය (Vermiocompost)
ගැඩවිල් පොහොර කාබනික පොහොරක් ලෙස අඩු පිරිවැයකින්
නිෂ්පාදනය කල හැකිය එම නිසා මේවන විට ලොකය පුරා කෘෂි ව්‍යාපාර අකෘතිවල ප්‍රධාන
අංගයක් වී තිබේ. නිෂ්පාදන ක්‍රියාවලියේ නිසි දැනුමින් ව්‍යවසායකයාට මෙම ව්‍යාපාරය
අරම්භ කළ හැකිය.
2.
වියලි මල් ව්‍යාපාරය (Dried Flower)
විශේෂ මල් සහිත වියළි මල් ව්‍යාපාරය ලෝකය පුරා
ඉතා ලාභදායී ව්‍යාපාරයකි. විශේෂයෙන් දුර්ලභ සහ ඖෂධීය වටිනාකමක් සහිත මල් වර්ග සඳහා
බලගතු ඉල්ලුමක් සහිතව වේගයෙන් වර්ධනය වෙමින් පවතී.
3.
හරිතාගාර තුළ කාබනික වගාව
කාබනික ගොවිතැන් නිෂ්පාදනය සඳහා ඉල්ලුම වැඩි වී
ඇති බැවින් කාබනික හරිතාගාර ගොවිතැනට විශාල ඉල්ලුමකි ලැබී ඇත. මෙය අපට කුඩා ඉඩ ප්‍රමාණයක
වුවද ආරම්භ කිරීම සිදු කළ හැක.
4.
වානිජ මත්ස්‍ය වගාව
වාණිජ මත්ස්ය වගාව යනු වසරක් පාසා ඕනෑම අවස්ථාවක මුදල් ඉපයිය හැකි
ලාභදායී ආයෝජනයක් වේ. නවීන තාක්ෂනය ක්‍රරියාත්මක කිරීම හා ඉඩ පහසුකම් සහිත
ව්යවසායකයෙකුට මෙම ව්යාපාරය මධ්ධ්‍යස්ථ ප්‍රරාග්ධන ආයෝජනයකින් ආරම්භ කළ හැකිය.
5. නාගරික
කෘෂිකර්මාන්තය
මෙහිදී
ව්‍යාපාරයට පිවිසීමට විශාල ඉඩක් අවශ්‍ය නොවේ.
ඔබේ නිවස නගරය තුල පිහිටා තිබේ නම් වගා අවකාශය වැඩිපුර ලබා ගැනීමට කුඩා
බදුන්වල හෝ සිරස් බහාලුම්වල ආර්ථික වටිනාකමින් යුත් බෝග වගාකර ආදායමක් ලැබිය හැක.
6. ඖෂධීය
ශාක වගාව
කොමාරීකා,ඉගුරු,මින්චි
වැනි ඖෂධීය වටිනාකමක් ඇති පැලෑටි විශාල
කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා භවිතා වේ. එම නිසා ඔබේ ගෙවත්තෙහි හෝ ගොවිපළ තුළ එය වගා
කර විකුණන්න.
7. තාවාන්
පාලනය
ඔබ
ඔබේම තවානක් අරම්භකර විවිඹ වර්ග වල ශාක නිෂ්පාදන පාරිභෝගිකයන්ට හෝ ව්‍යාපාරවලට
විකිනීම සිදුකළ හැකිය.
8. පළතුරු
ටින් කිරීම
ඔබ
පළත්රු නිෂ්පාදනය කරන්නේ නම් නියමිත නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් පළතුරු ටින් කර
පාරිභොගිකයන්ට හෝ ආහාර සමාගම් වලට විකිණිම සිදුකළ හැකිය.
9. බිජ
සැපයුම
ඔබ
විවිධ ගස් සිටුවා බිජ අස්වැන්න නෙළා ගනිමින් අළුත් වගාවන් අරම්භ කරන පරිභෝගිකයන්ට
අලෙවි කළ හැකි වීම.
10.
සුරතල් සතුන්ගේ ආහාර නිෂ්පාදනය
පාරිභෝගිකයන්ට විකිණිය හැකි සුරතල් සතුන්ගේ ආහාර
සැදීම සඳහා විවිධ බෝග හා ආහාර නිෂ්පාදන විවිධ ආකාරයෙන් භාවිතා කල හැකිය.
11.
රෝපණ සේවාව
ඔබට ඔබේම ගොවිපළක් නොමැති නම් බෝග වගා කිරීම වටා
ව්‍යාපාරයක් ගොඩ නැගීම මෙමගින් ඔබට රෝපණ සේවාවක් ප්‍රදේශයේ වෙනත් ගොවීන් හා
වගාකරුවන් සමඟ සම්බන්ධ වී අරම්භ කරීම.
12.
කෘෂි සංචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීම
කෘෂි සංචාරක කර්මාන්තය මගින් කාෂිකර්මාන්තයෙන්
දුරස්ව සිටින අයට අද්දැකීම් ලබාදීම මගින් හොද ආදායමක් ලබා ගත හැකි වීම.
ඉතිරි කොටස ඊලඟ ලිපියෙන්.......
උපදේශන සේවාව සඳහා සම්භන්ධ වීම
+9471175120/+94768847035
Vist FB –Randira Agro
Email – randiraagro@gmail.com
ලහිරු
හේවාවිතාරණ
BSc.
(Agriculture –Ruhuna),Dip in
Markerting (ACHE),Dip in
Lean Six Sigma (NOS)
Play Play the game of merit casino: all the features, features
ReplyDeleteOur website is updated monthly with new features and features. Enjoy. 카지노 Discover! Free spins & febcasino No Deposit Bonuses. Play the 메리트 카지노 best