Friday, August 18, 2017

මුදල් මවන ටෙරාරියම් (Art of Terrarium)




සල්ලි හොයන්න ටෙරාරියම් කලාව ප්‍රගුණ කරමු

ප්‍රධාන ලක්ෂණ

කුඩා සංවෘක උද්‍යානයක් වීම.
ජලය වරින් වර යෙදීමට අවශ්‍ය නොවීම.
උත්වේදනය මගින් පිටවන ජලය ඝනීභවනය වී නැවත පද්ධතිය තුලට ලැබීම.
භාජනය තුල ඇති CO2 වායුව යොදාගෙන ප්‍රභාසංලේෂණය සිදුකිරීම.
එහිදී නිදහස්වෙන O2 වායුව යොදා ගෙන ප්‍රභාසංලේසණය සඳහා CO2 වායුව නිදහස් කිරීම.



                                                                    



ප්‍රධාන වාසි
නඩත්තුව පහසු වීම සහ කුඩා ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වීම.
නිර්මාණශීලීත්වය මගින් අමතර ආදායම් ලබා ගත හැකිවීම.
ස්වාභාවික පරිසරයට ලංවීම නිසා  අභ්‍යන්තර ගෘහ අලංකරණයට සුදුසු වීම.





ටෙරාරියම් සඳහා අවශ්‍යය අමුද්‍රව්‍ය
හොදින් ආලෝකය ගමන් කරන පාරදෘශ්‍ය විදුරු භාජනයක් (උද්‍ර - විදුරු බොතල්, මාළු ටැංකි).
දිගු දැහි අඩුවක්, දිගු කම්බිකූරක්, දිග මිටක් සහිත හැන්දක් හා පුනීලයක්.
බොරළු කැට හා අඟුරු.
තෙතමනය ප්‍රියකරණ පිරිසිදු කුඩා නීරෝගී පැළ.
මාධ්‍ය ලෙස වැලි හා කොම්පෝස්ට් 1:1 අනුපාතයෙන් සකසා ගැනීම.


අමු ද්‍රව්‍ය සපයා ගැනීම


ටෙරාරියම් ක්‍රියාවලිය
අනවශ්‍ය ශාක කොටස් ඉවත් තරමින් ශාකය අවශ්‍ය ප්‍රමාණයට සකසා ගැනීම.
භාජනයේ පතුලට බොරළු තට්ටුවක් දමා ඒ මතුපිට තුනී අඟුරු තට්ටුවක් ඇතිරීම.
ඉන් පසු පුනීලය යොදාගනිමින් භාජනය තුලට මාධ්‍ය එකතු කිරීම.(මාධ්‍ය භාජනයේ මුලු උසින් ¼ ට අඩුවිය යුතුය)
දිගු දැහි අඩුව සහ කම්බිකූර භාවිතයෙන් පරතරයක් සහිතව පැළ සිටුවා ගැනීම.
සිරිංජරයක් යොදා ගනිමින් බොරළු තට්ටුව වැසී යනතෙක් ප්‍රවේසමෙන් ජලය යෙදීම
ඉන් පසු භාජනයේ කට වසා  සංවෘත කිරීම.






නඩත්තුව
ප්‍රමාණවත් තරම් ආලෝකය සහ ජලය ලබා දීම.
ජලය වැඩි නම් භාජනයේ කට විවෘත කරතැබීම.
ශාක වර්ධනය වූ පසු කප්පාදු කරීම

ලහිරු හේවාවිතාරණ BSc.(Agriculture) SP – Agric Biotechnology
Any Information – 0711751020 or randiraagro@gmail.com

1 comment:

  1. Best 8 casino sites in Pennsylvania - Mapyro
    › casinos-n-ac › 김천 출장샵 2021-10-best-8-casinos › casinos-n-ac › 2021-10-best-8-casinos Best 용인 출장안마 8 casinos in Pennsylvania. Casino name: Best 8 casinos in the United States. 안산 출장마사지 If you are a gamer, you 대구광역 출장마사지 need to 여수 출장마사지 understand our list of casinos.

    ReplyDelete